පෙර වසරවල පැවති මහවිරු සැමරුම් කිහිපයකට අදාළ LTTE ලාංඡනය සහ ප්‍රභාකරන්ගේ රුව සහිත පුවරු හා වීඩියෝ දර්ශන මෙවර මහවිරු සැමරුම බවට හුවා දක්වමින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කළ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය විසින්.
ජාතිවාදය ඇවිස්සීමේ මුවාවෙන් මෙම ප්‍රචාරයන් මෙම සැකකරුවන් විසින් සිදු කර ඇති බවත් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය බද්දේගම සහ මරදාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් බවත් පොලිසිය සඳහන් කළා.
ඔවුන් වයස අවුරුදු 28, 35 සහ 45 යන වයස්වල පසුවන්නන්.