ගල්කිරියාගම ප්‍රදේශයේ ගෙවත්තක ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් මිය ගිය දීඝ දන්තු 01 හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී උදරයේ තිබී රු.10 කාසියක් හමුව තිබෙනවා
ඒ අනුව මෙරට වනඅලියකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයකදී උදරයෙන් කාසියක් හමු වූ පළමු අවස්ථාව මෙය විය හැකි බවටයි පැවසෙන්නේ
එමෙන්ම හස්තියාගේ දළ යුගලය සහිත කඳින් වෙන් කළ හිස කොටස ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ වල දැමීමටයි වනජීවී නිලධාරීන් පියවර ගෙන ඇත්තේ
එම හිස කොටස යළි ගොඩ ගැනීමට නියමිත අතර හස්ථීයාගේ දළ යුගල සහිත හිසි වල දැමූ ස්ථානයට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් විශේෂ ආරක්ෂාවක් ද යෙදවීමට පියවර ගෙන තිබෙනවා