සිරියානු කැරලිකරුවන් ඇලෙප්පෝ නගරයේ වැඩි ප්‍රදේශයක බලය අත්පත් කර ගෙන තිබෙනවා
සිරියාවේ කැරලිකාර හමුදා රටේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ හි “බහුතරය” පාලනය අත් කරගෙන ඇති බවයි
එක්සත් රාජධානිය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වන Syrian Observatory for Human Rights (SOHR) නිරීක්ෂණ කණ්ඩායම පැවසුවේ
එමෙන්ම මෙය වසර ගණනාවකට පසු සිරියානු රජයට එරෙහි විශාලතම ප්‍රහාරය වන අතර,ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ හමුදාවන්ට එරෙහිව සටන් කරන කැරලිකරුවන් ඇලෙප්පෝ වෙත ළඟා වූ පළමු අවස්ථාවයි
මේ හේතුවෙන් සිරියානු බලධාරීන් මේ වනවිට ඇලෙප්පෝ ගුවන් තොටුපළ මෙන්ම නගරයට ඇතුළු වන සියලුම මාර්ග වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා දැක්වෙන්නේ