ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි, පැවති සංගීත ක්ෂේත්රයේ අති දැවැන්තයින් සහභාගී වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා පැමිණි සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ වන බියංකා සෙන්සෝරිට විශේෂ අවධානයක් යොමු වූවා.
ඒ බියංකා සෙන්සෝරි හැඳ සිටි ඉතා ම දුහුල් ඇඳුම නිසාවෙන්.
එය පැමිණි සිට පිරිස මවිතයට පත්කර තිබුණි.
සම්මාන උළෙල Crypto.com Arena හිදී පැවැත් වූ අතර උත්සවයට පැමිණි සියලුම අමුත්තන් රතු පලස මතට පැමිණ ඡායාරූප සඳහා පෙනී සිටි බව සඳහන්.
එම අවස්ථාවේ දී බියන්කා ඇගේ ලොම් කබාය ගලවා කැමරාවන්ට දුහුල් ඇඳුම තුළින් නිරුවත ප්‍රදර්ශනය වන ආකාරයට පෙනී සිට තිබෙන බවයි කියන්නේ.
රතු පලස මත පෙනී සිටීමෙන් පසු, වෙස්ට් සහ සෙන්සෝරි එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.
මෙම යුවළට සම්මාන උළෙල සඳහා ආරාධනා කර නොතිබුණ නමුත් කන්යේ වෙස්ට්ගේ නම සම්මාන දෙකක් සඳහා යෝජනා වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
මෙවර 67 වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා සංගීත ක්ෂේත්රයේ සියලුම දැවැන්තයින් පැමිණ සිටි බව සඳහන්.