චීනයේ ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල පෙබරවාරි 07

Published on

චීනයේ හාර්බින්හි පැවැත්වෙන 2025 වසරේ ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලෙහි සමාරම්භක උත්සවය පෙබරවාරි මස 07 වන දා පැවැත්වීමට මේවන විට සියළු කටයුතු සූදානම් බව වාර්තා වේ.

උළෙලේ ක්‍රීඩා තරඟ ආරම්භ වන්නේ සමාරම්භක දිනට පෙර දිනයේ දී වන අතර ඒ හොකී තරඟයකිනි.

ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල පෙබරවාරි 14 වන දින අවසන් වීමට නියමිතය.

මේ අතර හාර්බින් හි පැවැත්වෙන 2025 ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සතියක් ඉතිරිව තිබියදී, එහි ප්‍රධාන මාධ්‍ය මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු ඊයේ (31) නිල වශයෙන් ආරම්භ වුණා.

Harbin ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන සහ ක්‍රීඩා මධ්‍යස්ථානයේ පිහිටා ඇති මෙම මාධ්‍ය මධ්‍යස්ථානය, ප්‍රධාන මුද්‍රණාලයකින් සහ ජාත්‍යන්තර විකාශන මධ්‍යස්ථානයකින් සමන්විත වනවා.

ක්‍රීඩා උළෙල සඳහා ලියාපදිංචි වී සිටින මාධ්‍ය සහ විකාශකයින් සඳහා භාෂා සහ මාර්ගෝපදේශක සේවා සැපයීමට එහි ස්වේච්ඡා සේවකයින් සූදානමින් සිටින අතර, එම ස්ථානයේ විදේශ මුදල් හුවමාරු අලෙවිසැල් ද ඇති බවයි වාර්තා වන්නේ.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this