ඇල්ල ඔඩිසී – මහනුවර මංගල ගමන අරඹයි

Published on

චාරකයන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදුන් නව විශේෂ දුම්රිය අද (01) උදෑසන 09.45 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් සිය මංගල ගමන ආරම්භ කළා.

එම දුම්රිය සෑම සති අන්තයකම සෙනසුරාදා හා ඉරිදා දිනවල ගමනාගමනයට යොදා ඇති අතර එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09.45 පිටත්ව පස්වරු 05.22 ට දෙමෝදර දුම්රිය ස්ථානය වෙත ලගාවීමට නියමිතයි.

එමෙන්ම එම දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.00 නැවත මහනුවර බලා පිටත් වීමට නියමිත බව සඳහන්.

මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන් කළ ආසන 176 ක් ද, දෙවන පන්තියේ වෙන් කළ ආසන 176 ක් ද, තෙවන පංතියේ වෙන් කළ ආසන 44 ලෙස ආසන 396ක් පවතිනවා.

පළමු, දෙවන , තෙවන පංතිවල ගාස්තු පිළිවෙළින් රු 7000/=, 6000/= 5000/= ලෙස පවතින බවයි පැවසෙන්නේ.

මෙම දුම්රිය පේරාදෙණිය , නාවලපිටිය, හැටන් ,ග්‍රේට්වෙස්ටර්න් ,නානුඔය , පට්ටිපොළ ඔහිය , ඉදල්ගස්සින්න , හපුතලේ ,බණ්ඩාරවෙල ,ඇල්ල යන දුම්රිය ස්ථානවල පමණක් සහ ආරැක්කු නවය පාලමේ මිනිත්තු 10 පමණ නවත්වා ධාවනය කරනු ඇති.

ඊට අමතරව තෝරාගත් නැරඹුම් ස්ථානවල දුම්රිය සෙමින් ධාවනයේ යෙදෙන බවයි පැවසෙන්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this