මෙටා සමාගමෙන් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 25ක වන්දියක් දෙන්න එකඟවෙයි

Published on

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වන්දි ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 25ක මුදලක් ලබා දීමට මෙටා සමාගම එකඟත්වය පළකර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

2021 වසරේ ජනවාරි 06වන දින ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල ඉලක්ක කර ගනිමින් කැරළිකරුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස් බුක් ඇතුළු මෙටා සමාගමට අයත් ගිණුම් අක්‍රිය කිරීමට එම සමාගම පියවර ගනු ලැබුවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේ ඊට විරුද්ධව නඩු පැවරීමටයි.

ට්‍රම්ප් පිහිටුවීමට නියමිත ජනාධිපති පුස්තකාලයට එම වන්දි මුදලින් ඩොලර් මිලියන 22ක ප්‍රමාණයක් ප්‍රදානය කෙරෙන අතර ඉතිරි මුදල නඩු වියදම් ලෙස ලබාදීමට නියමිත බවයි කියන්නේ.

ට්‍රම්ප්ට මීට ඉහත දී විරෝධය පළකළ මාර්ක් සකර්බර්ග් ඇතුළු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් රැසක් මෙවර ජනාධිපතිවරණයේදී සහාය දැක්වීමට ඉදිරිපත් වූ බව සඳහන්.

Latest articles

විදුලිබල මණ්ඩලය හෝ එහි ආයතන විකුණන්නේ නෑ – බලශක්ති ඇමති

විදුලි බල මණ්ඩලය හෝ එහි ආයතන විකුණා දැමීමක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු...

තවත් වාහන කාණ්ඩ කිහිපයක් ආනයනයට අවසර

තවත් වාහන කාණ්ඩ කිහිපයක් ආනයනය කිරීමට අවසර ලබාදෙමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා...

නැගෙනහිර සහ උතුරු මැද පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරු පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත සඳහා නව...

සෞදියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉල්ලීම් රැසක්

ටකාමෝල්( Takamol) යනු සෞදි අරාබි රජයේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින...

More like this