නැගෙනහිර සහ උතුරු මැද පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරු පත් කරයි

Published on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත සඳහා නව ප්‍රධාන ලේකම්වරු පත් කර තිබෙනවා.

ඒ අනුව නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස ටී. ඒ. සී. එන්. තලංගම සහ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ. එම්. ජයසිංහ යන මහත්වරුන් පත් කර තිබෙන බව සඳහන්.

ඊට අදාළ පත්විම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්වරුන් වෙත ප්‍රදානය කරනු ලැබුවා.

නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කළ ටී. ඒ. සී. එන්. තලංගම මහතා මීට පෙර ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසත්, ජේ. එම්. ජයසිංහ මහතා කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙසත් කටයුතු කර තිබෙනවා.

Latest articles

විදුලිබල මණ්ඩලය හෝ එහි ආයතන විකුණන්නේ නෑ – බලශක්ති ඇමති

විදුලි බල මණ්ඩලය හෝ එහි ආයතන විකුණා දැමීමක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු...

තවත් වාහන කාණ්ඩ කිහිපයක් ආනයනයට අවසර

තවත් වාහන කාණ්ඩ කිහිපයක් ආනයනය කිරීමට අවසර ලබාදෙමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා...

මෙටා සමාගමෙන් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 25ක වන්දියක් දෙන්න එකඟවෙයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වන්දි ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 25ක මුදලක් ලබා දීමට මෙටා...

සෞදියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉල්ලීම් රැසක්

ටකාමෝල්( Takamol) යනු සෞදි අරාබි රජයේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින...

More like this