මාවෙයි සේනාධිරාජා ගැන මතකය අවධි කළ හිටපු ජනපති රනිල්

Published on

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා වෙත සිය ශෝකය ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු පිළිබද මතකය අවදි කළා.

එම සටහන පහතින්,

මාවෛයි සේනාධිරාජා මහතාත් මමත් 70 දශකයේ දී දේශපාලන කටයුතු ආරම්භ කරනු ලැබුවා.

නාමයෝජනා ලැබුණු මා 1977 දී පාර්ලිමේන්තුවට පත් වූ අතර එම මහ මැතිවරණය සඳහා මාවෙයි සේනාධිරාජා මහතාට අපේක්ෂකත්වය හිමි වුනේ නැහැ.

එහෙත් තරුණ නායකයකු වශයෙන් සේනාධිරාජා මහතා ඒවන විටත් කටයුතු කරමින් සිටියා.

යාපනයේ තත්ත්වය උණුසුම් වූ කාලයක රැඳවුම් නියෝග මත මාවෙයි සේනාධිරාජා මහතා අත්අඩංගුවේ තබා ගැනීමට අවස්ථා කීපයකදී ම පියවර ගැණුනා.

එවකට මා කටයුතු කරනු ලැබුවේ අමාත්‍යවරයකු වශයෙන්.

1989 න් පසුව මාවෙයි සේනාධිරාජා මහතා මට පාර්ලිමේන්තුවේදී මුණ ගැසුණා.

එම වකවානුවේදී අප දෙදෙනා අතර ඉතාම හොඳ සබඳතාවයක් ගොඩ නැගුණා.

ද්‍රවිඩ ජනතාවගේ උතුරේ ප්‍රශ්න විසඳීම සඳහා මාවෙයි සේනාධිරාජා මහතා විශේෂයෙන්ම කැපවී සිටියා.

ඒ යුගයේදී ඔහු ජනතාව වෙනුවෙන් විශාල හඬක් නැගුවා.

විපක්ෂ නායක වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී මාවෙයි සේනාධිරාජා මහතා ඉදිරිපත් කළ ප්‍රශ්න විසඳා ගැනීමට මම බොහෝ අවස්ථා විවර කර දුන්නා.

ජනවාර්ගික අර්බුදය වෙනුවෙන්ද මාවෙයි සේනාධිරාජා හඬක් නැගුවා.

ප්‍රධාන වශයෙන්ම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගෙන සම්පූර්ණ විසඳුම්වලට යා නොහැකි වුවත් ඒ ඔස්සේ ඉදිරි ගමනක් යාමට මාවෙයි සේනාධිරාජා මහතාට හැකියාව ලැබුණා.

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අපි සැවොම එකඟත්වය ඇති කරගෙන සිටියා.

ජනාධිපති ලෙස කටයුතු කරද්දී එය පළාත් සභා මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම මම සකස් කර දෙනු ලැබුවා.

පළාත් සභා උතුරට පමණක් සීමා නොකර සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා පළාත් සභා 8 ටම බලතල ලබාදීමට පියවර ගනු ලැබුවා.

ගිය වසර කිහිපය තුළ හැම පළාතකටම ශක්තිමත් ආර්ථිකයක් ඇතිකර දීම අප සැමගේ අරමුණ වී තිබුණා.

එය බස්නාහිර පළාත මත පමණක් පදනම්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවයක් වුණේ නැහැ.

ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් රැකීමට නම් කිසිවකුටත් මදි පුංචිකමක් නැති නොවන ආකාරයට ක්‍රියා කළ යුතුයි.

යාපනය ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට මාවෙයි සේනාධිරාජා මහතා නායකත්වය ගත්තා.

අතුරුදන්වූවන්ගේ නාම ලේඛන පරීක්ෂා කර ඒවායේ වැඩකටයුතු අවසන් කිරීමටද එතුමන්ගෙන් ලැබුණේ සුවිශේෂී දායකත්වයක්.

අද අප එකතු විය යුතුව ඇත්තේ උතුරේ ප්‍රබල ප්‍රශ්නයක්ව පවතින තරුණ රැකියා අර්බුදය විසඳීමටයි.

මාවෙයි සේනාධිරාජා මහතා තම කටයුතු උතුරටත් ද්‍රවිඩ ජනතාවටත් පමණක් සීමා කළේ නැහැ.

රටේ අනෙක් ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට එතුමාගෙන් ලැබුණේ විශාල දායකත්වයක්.

දින 51 දේශපාලන අර්බුද සමයේදීද මාවෙයි සේනාධිරාජා මහතාගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා.

මේ ආකාරයට ක්‍රියා කළ නායකයකු නැති වීම උතුරේ ද්‍රවිඩ ජනතාවටත් යාපනයටත්, රටටත් විශාල පාඩුවක්.

මට පෞද්ගලික සමීපතමයකුගේ අහිමි වීමක්.

මාවෙයි සේනාධිරාජාගේ අභාවය වෙනුවෙන් යාපනය ජනතාවට ඔහුගේ පක්ෂයට මෙන්ම පවුලේ සියලුම දෙනාට මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.

Latest articles

සුපර් ඩීසල් මිල ඉහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට ලංකා...

දිවි ගමනට සමුදුන් මාවෙයි සේනාධිරාජාට අගමැතිනිය ශෝකය පළ කරයි

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතාගේ අභාවය පිළිබද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය...

උතුරේ ඉඩම් ගැටළුව සමාලෝචනය කර ජනතාවට නැවත ඉඩම් ලබා දෙනවා – ජනපති

ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත්, උතුරේ ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර...

ජනපති, මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන්...

More like this

සුපර් ඩීසල් මිල ඉහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට ලංකා...

දිවි ගමනට සමුදුන් මාවෙයි සේනාධිරාජාට අගමැතිනිය ශෝකය පළ කරයි

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතාගේ අභාවය පිළිබද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය...

උතුරේ ඉඩම් ගැටළුව සමාලෝචනය කර ජනතාවට නැවත ඉඩම් ලබා දෙනවා – ජනපති

ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත්, උතුරේ ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර...