දිවි ගමනට සමුදුන් මාවෙයි සේනාධිරාජාට අගමැතිනිය ශෝකය පළ කරයි

Published on

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතාගේ අභාවය පිළිබද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩය පහතින්,

හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ  අභාවය පිළිබඳව මම දැඩි ලෙස කණගාටු වෙමි.

මාවෙයි සේනාධිරාජා, ජනතා සේවය වෙනුවෙන් තම ජීවිතය කැප කළ කෘතහස්ත දේශපාලන නායකයෙකි.

දෙමළ ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ඔහුගේ නොසැලෙන කැපවීම ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සදාකාලික මතකයක් ලෙස ඉතිරි කර ඇත.

ඉලංගෛ තමිල් අරසු කච්චි (ITAK) නායකයෙකු ලෙස සහ දෙමළ ජාතික සන්ධානයේ (TNA) ප්‍රධාන චරිතයක් ලෙස ගරු සේනාධිරාජා සමගිය සහ සංහිඳියාව සඳහා වෙහෙසුණු අතරම තම ජනතාවගේ අයිතිවාසිකම් සහ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

දශක ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සඳහා වූ ඔහුගේ කැපවීම සහ සාමකාමී දේශපාලන නියැලීමේ උවමනාව පිළිබඳ විශ්වාසය පිළිඹිබු කළේය.

ඔහුගේ වියෝව ඔහු සමඟ වැඩ කළ දන්නා හඳුනන සැමට බලවත් පාඩුවක් වන අතර ඔහුගේ පවුලේ අයට, සහායකයන්ට සහ ශෝකයට පත් වූ සියළු දෙනාට මාගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරමි.

ඔහු ඉටුකළ සේවය අනාගත පරම්පරාවන්ටත් යුක්තිය සහ සමානාත්මතාවය සඳහා පෙනි සිටීමේ අඛණ්ඩ වෑයමට ධෛර්යයක් වේවා..! යැයි ප්‍රාර්ථනා කරමි.

Latest articles

මෙටා සමාගමෙන් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 25ක වන්දියක් දෙන්න එකඟවෙයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වන්දි ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 25ක මුදලක් ලබා දීමට මෙටා...

නැගෙනහිර සහ උතුරු මැද පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරු පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත සඳහා නව...

සෞදියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉල්ලීම් රැසක්

ටකාමෝල්( Takamol) යනු සෞදි අරාබි රජයේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින...

සුපර් ඩීසල් මිල ඉහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට ලංකා...

More like this