අල්ලස් සිද්ධියකට පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට

Published on

අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලී පදනම මත ලබාදුන් මෝටර් රථයක් සම්බන්ධයෙන් වූ ආරවුලක් විභාග කිරීම සහ අධිකරණය මගින් යළි මෝටර් රථය ලබාගැනීමට සහය වීම සඳහා අදාළ පොලිස් නිලධාරීයා විසින් රුපියල් 270,000ක් වටිනා වායු සමීකරණයක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කළේ අදාළ මුදල පැමිණලිකරු විසින් වායු සමීකරණය මිලදී ගන්නා වෙළඳසැලේ කලමනාකරුගේ ගිණුමට බැර කර ඇති බවයි.

ඒ අනුවයි අල්ලස් ලබාගැනීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this