බීමත්ව රිය පදවා ත්‍රිරෝද රථ අනතුරක් සිදුකළ ⁣ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

Published on

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකීරිමේ ⁣චෝදනාව මත පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) දින අලුයම් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේදි රත්මලාන මැලිබන් හන්දිය දෙස සිට මොරටුව දෙසට ධාවනය වූ පොලිස් ජීප් රථයක් රත්මලාන දුම්රියපොල පාර දෙස සිට බෙලෙක්කඩේ හන්දිය හරහා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුවුනා.

එහිදි අනතුර සිදුකර එම ජිප් රථය එම ස්ථානයෙන් පිටව ගියා.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු කලුබෝවිල රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව පොලිස් ජීප් රථය පැදවූ පොලිස් කොස්තාපල් රියදුරා මත්පැන් පානය කර රිය ධාවනය සහ අනතුරක් සිදුකර තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත නිලධාරියෙක්.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර ඇති අතර නිලධාරියා විසින් සිදුකර ඇති විනය කඩ කිරිම සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන බවයි පොලිස් මූලස්ථානය පවසන්⁣නේ.

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකීරිමේ ⁣චෝදනාව මත පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) දින අලුයම් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේදි රත්මලාන මැලිබන් හන්දිය දෙස සිට මොරටුව දෙසට ධාවනය වූ පොලිස් ජීප් රථයක් රත්මලාන දුම්රියපොල පාර දෙස සිට බෙලෙක්කඩේ හන්දිය හරහා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුවුණා .

එහිදි අනතුර සිදුකර එම ජිප් රථය එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු කලුබෝවිල රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව පොලිස් ජීප් රථය පැදවූ පොලිස් කොස්තාපල් රියදුරා මත්පැන් පානය කර රිය ධාවනය සහ අනතුරක් සිදුකර තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත නිලධාරියෙක්.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර ඇති අතර නිලධාරියා විසින් සිදුකර ඇති විනය කඩ කිරිම සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන බවයි පොලිස් මූලස්ථානය පවසන්⁣නේ.

Latest articles

ගාල්ල, හිනිදුම වෙඩි තැබීමක් – 03ක් මරුට

ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම වෙඩි තැබීම...

වොෂින්ටන් ගුවන් අනතුරින් මිය ගිය 19කගේ සිරුරු සොයා ගනියි

වොෂින්ටනයේ රේගන් ගුවන් තොටුපළ අසල ඉහළ අහසේදි සිදු වු ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින්...

සමිත දුලාන්ට අගමැතිනියගෙන් නව හෙල්ලයක්

2024 ලෝක පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03 දස්කමක්...

සටන් විරාම ගිවිසුමේ ප්‍රාණ ඇපකරුවන් අතර සිටි ඊශ්‍රායල හමුදා සාමාජිකාව රතු කුරුස කමිටුවට භාර දෙයි

නව සටන් විරාම ගිවිසුම යටතේ අද දින නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් අතර සිටි...

More like this