නීතිවිරෝධීව මෙරටට ගෙන්වා එකලස් කරන ලද ජීප් රථයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රත්නපුර පොලිස් වසමේ අංගම්මන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී බව සඳහන්.
එම ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී අනාවරණ වී ඇත්තේ කූඨ ලේඛණ භාවිත කරමින් එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවයි.
එසේම ජීප් රථයේ චැසි අංකය හා එන්ජින් අංකය ද ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 43, 45 සහ 47 යන වයස්වල පසුවන රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්.
ඔවුන් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.