ගරා වැටෙමින් පවතින මීගමුව බස් නැවතුම්පොළට නව පණක් දෙන්න සූදානම් බව ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ විධිමත් ලෙස වැඩ අවසන් කර නොමැති මීගමුව නගරයේ පිහිටි බස් නැවතුම්පොළ සහිත ගොඩනැගිල්ලෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ඊයේ (28) ගිය අවස්ථාවේ දීයි.
දැනට මහල් තුනකින් සමන්විත මෙම ගොඩනැගිල්ලෙහි පහත මහල පමණක් ක්‍රමවත් ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනෙන අතර අනෙක් මහල් දෙකම ගරා වැටෙමින් පවතින බවට එහිදී නිරීක්ෂණය වී තිබෙනවා.
එසේම ගොඩනැගිල්ලෙහි අක්‍රමවත්ව සැකසූ වහලය හේතුවෙන් වර්ෂා තත්ත්වයක දී ඇදහැලෙන ජලය ගොඩනැගිල්ලේ ඇතුළට කාන්දු වීම නිසා ගොඩනැගිල්ලෙහි බිත්ති සහ ගොඩනැගිලි භූමිය ද අපවිත්‍ර වී ඇති බවයි එහිදී අනවරණය වූයේ.
ජනතා බදු මුදල් වියදම් කොට ඇතත් තවමත් විධිමත්ව වැඩ අවසන් කොට නැති ගොඩනැගිල්ල, නව රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සම්පූර්ණයෙන්ම නැවත ප්‍රතිසංස්කරණය කර, රටටත්, නගර සභාවටත් ආදායමක් ලැබිය හැකි ස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම පොදු මහජනතාවට ප්‍රයෝජනයක් ගත හැකි ස්ථානයක් බවට එය පත් කිරීමට සැලසුම් සහගතව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.