ඔත්තු බැලීමේ චෝදනාවට චීන මාධ්‍යවේදියෙක් වසර 07කට සිර ගෙදරට

Published on

ඔත්තු බැලීමේ වරදට චීනයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක හිටපු මාධ්‍යවේදියකුට වසර හතක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ පවුලේ සාමාජිකයන් බීබීසී ලෝක පුවත් සේවයට තහවුරු මේ බව ප්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ.

සිරදඬුවම් නියම කෙරුණු අදාළ මාධ්‍යවේදියා 2022 සිට චීන බලධාරීන් විසින් රඳවා තබා ගෙන සිටි බව ද සඳහන්.

ඔහු 62 හැවිරිදි ඩොං යුයූ නමැත්තෙක්.

මෙම මාධ්‍යවේදියා, අමෙරිකාවේ සහ ජපානයේ ශාස්ත්‍රීය හා පුවත්පත් කවයන් හි ක්‍රියාකාරිකයකු වූ අතර විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ නිරන්තරව සබඳතා පවත්වා ඇති බව සඳහන්.

ඔහු බීජිං හිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ද ජපන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු සමඟ දිවා ආහාරය ගනිමින් සිටිය දී යි.

චීන බලධාරීන් විසින් එම රාජ්‍ය තාන්ත්‍රිකයා ද රඳවාගෙන ඇති අතර අනතුරුව පැය කිහිපයකට පසුව ඔහුව මුදා හැර ඇත්තේ ජපාන රජයේ විරෝධතා එල්ල වීමත් සමග බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටිනවිටත් යුයූ, චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ප්‍රධාන පුවත්පත් පහෙන් එකක් වන Guangming Daily හි ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිටි බව ද වාර්තා වනවා.

යුයූගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අධිකරණ තීන්දුවකට අනුව, ඩොං යුයූ හමුවූ තවත් ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනෙකු ‘ඔත්තු බැලීමේ සංවිධානයක නියෝජිතයන්’ ලෙස චීනය විසන් නම් කර ඇති බවයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this