ඊගල්ස් නැරඹුම් ස්ථානය අද දින සිට විවෘතයි – හග්ගල මල් වත්තත් බලන්න පුළුවන්

Published on

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදි කරන ලද ඊගල්ස් නැරඹුම් ස්ථානය (Eagle’s View Point) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද (26) දින විවෘත කෙරුණා.

මුහුදු මට්ටමේ සිට අඩි 6182 උසකින් පිහිටි ලංකාවේ උසම ගම්මානය වශයෙන් හැඳින්වෙන නුවරඑළිය ශාන්තිපුර ගම්මානයේ මෙම නැරඹුම් ස්ථානය ඉදි කර තිබෙනවා.

ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරමින්, දේශිය ආර්ථිකය ඉහළ දමමින්, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනිමේ අරමුණ ඇතිව මෙම නැරඹුම් මධ්‍යස්ථානය පසුගිය වසරේ ජුලි 31 දින ඉදි කිරිම් කටයුතු ආරම්භ කෙරුණා.

මේ සදහා සංචාරක සංවර්ධන අධිකාරියෙන් මුල්‍ය අනුග්‍රහය දක්වා ඇති අතර, ශ්‍රම දායකත්වය ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ඉංජිනේරු සහය සැලසුම් ඒකකය විසින් ලබා දි තිබෙනවා.

විවෘත කරනු ලැබු ඊගල්ස් නැරඹුම් මධ්‍යස්ථානයේ සිට නුවරඑළිය නගරය, පේදුරුතැන්න, හග්ගල, ග්‍රේගරි වැව, කිකිළියාමාන්න, ශ්‍රි පාදය, සප්ත කන්‍යා කදුවැටිය ඇතුළු බොහෝ ප්‍රදේශ සංචාරකයන්ට දැක බලාගත හැකියි.

ගුවන් හමුදාව විසින් වසර පහක කාලයක් මෙම නැරඹුම් ස්ථානයේ පාලන කටයුතු සිදු කරන අතර, මෙම ස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් කියු ආර් (QR) කේතය සහිත ප්‍රවේශපත්‍රයක් නිකුත් කරන අතර, දේශිය සහ විදේශ සංචාරකයන් වෙනුවෙන් විවිධ ප්‍රවේශපත්‍ර ගාස්තු යටතේ ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබන බව සඳහන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this