ඕස්ට්‍රේලියාව හරිත ඇලුමිනියම්වලට ඩොලර් බිලියන 2.2ක් වෙන් කරයි

Published on

ඕස්ට්‍රේලියාව හරිත (Green) ඇලුමිනියම් ව්‍යාපෘතියක් සඳහා ඩොලර් බිලියන 2.2ක ලෝහ සැලැස්මක් එළි දක්වා තිබෙනවා.

එරට අගමැති ඇන්තනි ඇල්බනීස් පවසන්නේ ගල් අඟුරු වෙනුවට පුනර්ජනනීය විදුලිය භාවිතා කරමින් ඇලුමිනියම් උණුකරන කර්මාන්ත සඳහා ත්‍යාග පිරිනමන බවයි.

ගුවන් යානා කොටස්වල සිට සිසිල් බීම කෑන් දක්වා භාවිතා කරන ඇලුමිනියම් ලෝහවල, ඕස්ට්‍රේලියාව ලොව හයවන විශාලතම නිෂ්පාදකයා වනවා.

ඕස්ට්‍රේලියාවේ විදුලි බලයෙන් 10%ක් පමණ භාවිතා කරන්නේ ඇලුමිනියම් ලෝ-පස් නිස්සාරණය කරමින් සිදු කරන නිෂ්පාදන සඳහා බවයි පැවසෙන්නේ.

අදාළ කර්මාන්තවල පුනර්ජනනීය විදුලිය භාවිතයෙන් “හරිත” සිදු කරන ඇලුමිනියම් නිෂ්පාදනය සමාගම් සඳහා නිෂ්පාදන ණය ලබා දීමට ද රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි වසර 10 තුළ ඔවුන් නිෂ්පාදනය කරන සෑම පිරිසිදු ඇලුමිනියම් ටොන් එකක් සඳහාම තීරණය කළ මුදලක් ඉල්ලා සිටීමට සමාගම්වලට මේ යටතේ හැකියාව පවතිනු ඇති.

ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත ඇලුමිනියම් පිරිසිදු බවට සැලකෙන නිසා ලෝකය පුරා ඒ සඳහා පවතින්නේ වැඩි ඉල්ලුමක්.

ඉදිරි දශකය තුළ ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු බලාගාර සියල්ලම පාහේ වසා දැමීමට සැලසුම් කර ඇති හෙයින්, මෙවැනි කර්මාන්තශාලා කිහිපයක් ම දැනටමත් පුනර්ජනනීය බලශක්තියට මාරු වීමට පටන් ගෙන තිබෙනවා.

ලෝක ආර්ථික සංසදයට අනුව වානේවලට පසුව ඇලුමිනියම් ලොව දෙවන විශාලතම ලෝහ කර්මාන්තය වන අතර 2030 වන විට ඉල්ලුම 40% කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු, ගෑස්, ලෝහ සහ ඛනිජ ලවණ නිධි බොහොමයක් පිහිටා ඇති අතර, පතල් කැණීම් සහ පොසිල ඉන්ධන දශක ගණනාවක් නොබිඳුණු ආර්ථික වර්ධනයක් ඇති කිරීමට සමත් වනු ඇති බව සඳහන්.

පුනර්ජනනීය බලශක්තිය හා සැසඳීමේ දී 2022 දී ඕස්ට්‍රේලියාවේ මුළු විදුලි ජනනයෙන් 30%කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන. ඇත්තේ සූර්ය හා සුළං මගින් වීම ද විශේෂත්වයක් වනවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...