විකුණන්නේ නැති දෙයක් ගැන ඇමති ලාල් කියයි.

Published on

පසුගිය රජය විසින් විකිණීමට තීරණය කර තිබූ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වර්තමාන රජය විසින් කිසිදු අයුරකින් විකිණීමක් සිදු නොකරන බව කෘෂිකර්ම ,පශු සම්පත් ,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වර්තමාන තත්ත්වය, ආයතනය හමුවේ ඇති අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම වර්තමාන රජයේ ඉදිරි ජාතික වැඩපිළිවෙල අනුව පශු සම්පත් ක්ෂේත්‍රයේ ළඟා කරගැනීමට අපේක්ෂිත ඉලක්ක සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගත හැකි දායකත්වය පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කර ඇති බවයි පැවසෙන්නේ.

ජාතික අවශ්‍යතාවයට සරිලන කිරි නිෂ්පාදනය දේශීයව නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ඉදිරි වසර 05 තුළ සැලසුම් කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු වි තිබෙනවා

Latest articles

ඉන්දුනීසියාවේ නාය යාමකින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ නාය යාමකින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා ප්‍රාන්තයේ මෙම නායයෑම...

සියලු අත්අඩංගුවට ගැනීම් සිදු වන්නේ පවතින නීති පද්ධතියට අනුකූලවයි – ආරක්ෂක නියෝජ්‍ය ඇමති

පවතින නීති පද්ධතියට අනුකූලව සියලු අත්අඩංගුවට ගැනීම් සිදු වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ...

රාජපක්ෂ පාලනය දැනුවත්ව රාජ්‍ය සම්පත් විනාශ කිරීමේ යුගයේ ලොකු කෙනෙක් – බිමල්

රාජපක්ෂ පාලනය දැනුවත්ව රාජ්‍ය සම්පත් විනාශ කිරීමේ යුගයේ ලොකු කෙනෙක් බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය...

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ බස් රථ තුනක් ගැටෙයි – 29ක් රෝහලේ

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ අඟුළුගහ ප්‍රදේශයේදී නවතා තිබු බස්රථයක තවත් බස් රථ 2 ක්...

More like this