ICC වසරේ එක්දින කණ්ඩායමේ නායකත්වය චරිත්ට

Published on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලට සමගාමිව 2024 වසරේ එක්දින කණ්ඩායම නම් කර තිබෙනවා.

එම කණ්ඩායාමේ නායකත්වය ශ්‍රි ලංකා එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංකට හිමිව තිබීම විශෙෂත්වයක්.

චරිත්ට අමතරව ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරන තවත් ක්‍රීඩකයින් තුන්දෙනක් මෙම කණ්ඩායමට ඇතුළත් කර ඇති බවයි කියන්නේ.

ඒ අනුව කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩකයා ලෙසින් කුසල් මෙන්ඩිස් ඇතුළත් කර තිබෙනවා.

මීට අමතරව පැතුම් නිස්සංක, තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද මෙම කණ්ඩායමේ සිටින බව සඳහන්.

පාකිස්තානයේ සයිම් අයුබ්,ෂහින් ශා අෆ්රිඩ් සහ හරිස් රාවුෆ් යන ක්‍රීඩකයින්ද මෙම කණ්ඩායමට එක්‌ කර තිබෙනවා.

මීට අමතරව ඇෆ්ගනිස්තානයේ රමනුල්ලා ගුර්බාස් ,A. M ගශානුෆර්, සහ අෂ්මතුල්ලා ඔම්රසායි යන ක්‍රීඩකයින්ද මෙම කණ්ඩායමට ඇතුළත්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ෂෙර්ෆන් රදර්ෆර්ඩ් ද මෙම කණ්ඩායමට එක් කර තිබෙනවා.

Latest articles

කට කතාවලට අදානි උත්තර දෙයි

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි...

විකුණන්නේ නැති දෙයක් ගැන ඇමති ලාල් කියයි.

පසුගිය රජය විසින් විකිණීමට තීරණය කර තිබූ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වර්තමාන රජය...

ඩිජිටල් ID එක ගැන දැනුවත් කිරීම් ඇරඹේ

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා...

පි⁣ටරට සඟවා ඇති වත්කම් නැවත අත්පත් කර ගන්න ස්විට්සර්ලන්තයේ සහාය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ...

More like this