මැලේසියාවට බලපා ඇති ගංවතුරෙන් තිදෙනෙක් මියයයි

Published on

මැලේසියාවට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බව ද සඳහන්.

ඔවුන් මේ වනවිට සහන කඳවුරුවල රඳවා ඇති බවයි වාර්තා වන්නේ.

වසර 10කට පසුව ආ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රාන්ත අටක තද වැසි බලාපොරොත්තු වන අතර, Kelantan සහ Terengganu හි දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරුදායක මට්ටමේ වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව සඳහන්.

එසේම, රජය ආරක්ෂක භටයින් 82,000 කට අධික සංඛ්‍යාවක් මෙන්ම ගලවා ගැනීමේ බෝට්ටු සහ හෙලිකොප්ටර් ද මේ වනවිට ආපදා තත්ත්වය වෙනුවෙන් යොදවා තිබෙනවා.

ගංවතුර හේතුවෙන් නැගෙනහිර වෙරළ තීරයේ දුම්රිය මාර්ග නවයක කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද සඳහන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this