හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2014 වසරේ අගභාගයේදි බිංගිරිය සහ නාරම්මල යන ප්‍රදේශවල ගංවතුරෙන් අවතැන් වූ පුද්ගලයින් සදහා සහන සැලසීමේ අරමුණින් හිටපු අමාත්‍යාවරයා විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් 61 ලක්ෂ 46,116ක මුදලක් ලබාගෙන ඇති අතර එම මුදල් අවභාවිතා කිරීම මොවුන්ට එල්ලවන චෝදනාවයි.
කෙසේ වෙතත් එම මුදල් සහන කටයුතු සදහා භාවිතා නොකර 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු සදහා භාවිතා කර ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව හිටපු අමාත්‍යාවරයා මේ හරහා මුදල් සාපරධි සාවද්‍ය පරිහරණයක් මෙන්ම පොදු දේපල යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මේ හේතුවෙන් හිටපු අමාත්‍යා අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිද මෙලෙස අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඔවුන් හෙට (23) දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරට පරික්ෂණ සිදුකරනු ලබනවා.