ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් ලක්ෂයකට පමණ සිය ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා අමරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.
මේ සඳහා පේරාදෙණිය බදුල්ල චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් යෙදවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මේ අනුව සංශෝධිත ගිවිසුමට අත්සන් තැබීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ (නීති ) අබ්දුල් මොසෙන් ඒ අල්මුද්ලා මහතා විසින් පියවර ගෙන තිබෙනවා.
සංශෝධිත ගිවිසුමට අනුව පේරාදෙණිය බදුල්ල චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉතිරි මුදල් මාර්ග ජාල සංවර්ධන ව්‍යාපෘතිය වෙත මාරු කිරීමට අපේක්ෂිතයි.
අනතුරුව එම මුදල් කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු සදහා යෙදවීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.