ඕස්ට්‍රේලියානු චෙරි සහ ලිචී සඳහා පාරිභෝගික ඉල්ලුම ඉහළ යයි

Published on

Lunar අලුත් අවුරුද්දට පෙර ඕස්ට්‍රේලියානු චෙරි සහ ලිචී සඳහා ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා.

චීන අලුත් අවුරුද්ද ලෙසද හඳුන්වන චන්ද්‍ර අලුත් අවුරුද්ද ඕස්ට්‍රේලියානු ජනයා අතර විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති නිසා එහි ප්‍රතිඵලයක් ලෙස විදේශීය පලතුරු සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි කියන්නේ.

චන්ද්‍ර (Lunar) අලුත් අවුරුද්ද එළඹෙන විට, එරට පලතුරු නිෂ්පාදකයින් වසරේ කාර්යබහුලම කාලයකට සූදානම් වෙමින් සිටින බව සඳහන්.

නිෂ්පාදකයන් සහ තොග වෙළෙන්දන් මෙම පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සඳහා පැය විසිහතර පුරා වැඩ කරමින් සිටින අතර, එය නත්තල් කාලයට පසු වසරේ කාර්යබහුලම කාලය බව කියයි.

උතුර ක්වීන්ස්ලන්ත ලිචී සහ ටස්මේනියානු චෙරි, ආසියානු සංස්කෘතියේ සෞභාග්‍යයේ සහ වාසනාවේ සංකේත ලෙස හඳුන්වයි.

ඕස්ට්‍රේලියාවේ වර්ධනය වන ආසියානු ප්‍රජාව සහ මෙම කාල සීමාව තුළ ඉහළ සංක්‍රමණ සහ සංචාරකයින්ගේ පැමිණීමත්, මෙම සැමරුම ඕස්ට්‍රේලියාවේ වැඩි වැඩියෙන් ජනප්‍රිය වීමට බලපා ඇති අතර එය මෙසේ විදේශීය පලතුරු සඳහා ඉල්ලුම ඉහළ යෑමට හේතු වූ බවයි පලතුරු තොඟ වෙළෙන්දන් පවසන්නේ.

ටැස්මේනියානු චෙරි සඳහාද පරෝභෝගිකයන්ගේ වැඩි ඉල්ලුමක් ඇති අතර ඒවායේ ප්‍රමාණය, පැණි රස සහ රතු පැහැති විචිත්‍රවත් වර්ණය ඊට බලපාන බවයි කියන්නේ.

මේ අතර චන්ද්‍ර අලුත් අවුරුද්දේ වෙළඳපළේ ලිචීස්වල මිල ඉහළ ගොස් ඇති බවද පවසනවා.

ලිචීස් වගාකරුවන් පවසන්නේ උතුර ක්වීන්ස්ලන්තයේ මුල් වර්ෂාපතනයෙන් ලිචී නිෂ්පාදනයට එල්ල වූ බාධා ඊට බලපෑ බවයි.

දෙසැම්බර් මාසයේදී පමණක් ලිචීස් වගා කරන ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 400කට අධික වර්ෂාපතනයක් වාර්තා වූ අතර එය ඇතැම් භෝග සඳහා අහිතකර ප්‍රතිඵලයක් ගෙන දී තිබෙනවා.

සිල්ලර මට්ටමින්, සමහර ලිචී වර්ග කිලෝග්‍රෑමයක් ඩොලර් 20 කට වඩා අලෙවි වන බවයි අලෙවිකරුවන් පවසන්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...