අඛණ්ඩව තුන්වන වරටත් චීනයේ ජනගහනය පහළ යයි

Published on

චීනයේ ජනගහනය 2024 වසරේ අඛණ්ඩව තුන්වන වරටත් පහත වැටී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

ඒ අනුව ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත චීනය සඳහා තවදුරටත් ජනගහනය සම්බන්ධ අභියෝග කිහිපයකට මුහුණ පා සිටියි.

චීනය මේ වනවිට වයස්ගත ජනගහනයකට සහ වැඩ කරන වයස්වල පුද්ගලයින්ගේ නැගී එන හිඟයකට මුහුණ දෙමින් සිටීම ඉන් එක් ගැටළුවක් වේ.

2024 දී ජනගහනය බිලියන 1.408 ක් වූ අතර 2023 දී එය බිලියන 1.409 ක් වූ බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එහිදී මිලියන 1.39 කින් ජනගහනය අඩුවී තිබෙනවා.

චීනය මීට වසර තුනකට පෙර ජපානය සහ නැගෙනහිර යුරෝපයේ ජනගහනය අඩු වන අනෙකුත් රටවල් අතරට එක් වූ අතර ඊට ප්‍රධාන වශයෙන් කොවිඩ් වසංගතය බලපෑ බව සඳහන්.

ඊට අමතරව ජීවන වියදම ඉහළ යාම නිසා චීන තරුණ තරුණියන් උසස් අධ්‍යාපනය සහ වෘත්තීය කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදීම හේතුවෙන් විවාහය සහ දරු උපත් කල් දැමීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ‍යොමු වෙමින් සිටින තත්ත්වයකුත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විශේෂඥයින් අනතුරු අඟවන්නේ උපත් මිලියන 9.54 දක්වා ඉහළ ගිය නමුත් මරණ සංඛ්‍යාව මිලියන 10.93 ක් වාර්තා වීමත්, ඉදිරි වසරවලදී මෙම ප්‍රවණතාවය වේගවත්වනු ඇති බවට කරන පුරෝකථනත් චීන ආර්ථිකයට අයහපත් බවයි.

වැඩිහිටි සත්කාර සහ විශ්‍රාම ප්‍රතිලාභ සඳහා වන පිරිවැය ඉහළ යාම දැනටමත් චීන ආර්ථිකය මත අමතර ආතතියක් ඇති කර තිබෙනවා.

Latest articles

යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රායයි – අගමැති

වරප්‍රසාද සහ අනුග්‍රහන මත යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය...

මේ වසරේ ජාතික තෛපොංගල් සැමරුම් උත්සවය යාපනයේ

2025 ජාතික තෛපොංගල් සැමරුම් උත්සවය යාපනය,තෙල්ලිප්පලෙයිහි දී අද (18) පැවැත්වුණා. ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික...

ඕස්ට්‍රේලියානු රජය පළමු ජාතික ඔටිසම් උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලැස්ම දියත් කරයි

ඔටිසම් තත්ත්වයට මුහුණ දීම සඳහා වන ප්‍රථම ඕස්ට්‍රේලියානු ජාතික මට්ටමේ මූලෝපායික වැඩපිළිවෙල එළිදැක්වීමට එරට...

කාන්තා යොවුන් ලෝක කුසලානයේ පළමු තරඟයේ ජය ඕස්ට්‍රේලියාවට

19න් පහළ කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද (18) දින පැවති සමාරම්භක...

More like this