මේ වසරේ ජාතික තෛපොංගල් සැමරුම් උත්සවය යාපනයේ

Published on

2025 ජාතික තෛපොංගල් සැමරුම් උත්සවය යාපනය,තෙල්ලිප්පලෙයිහි දී අද (18) පැවැත්වුණා.

ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්.

සර්ව ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍රමූර්ති, කරුණානාදන් ඉලන්කුමරන්, ෂන්මුගනාදන් ශ්‍රී භවානන්දරාජා, වෛද්‍ය නජිත් ඉන්දික, අම්බිකා සැමුවෙල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු ඇතුළු මහත්ම මහත්මීන් ද කලාකරුවන් නියෝජනය කරමින් සම්මානනීය ලේඛක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, සම්මානනීය ලේඛක කීර්ති වැලිසරගේ, ජයතිලක කම්මැල්ලවීර, ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් වන චන්ද්‍රසෝම බින්දුහේවා, ප්‍රසන්නජිත් අබේසූරිය, චමිලා පීරිස් යන මහත්ම මහත්මීන් සහ ප්‍රදේශයේ ජනතාව එක්ව සිටියා.

උදෑසන ශ්‍රී දුර්ගාදේවී අම්මාන් කෝවිල් පරිශ්‍රයේදී පැවැති හින්දු අගමික වතාවත්වලින් අනතුරුව නව වසරට සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් කිරි ඉතිරවීම සිදු කෙරුණා.

විශේෂ සංස්කෘතික පාගමන කෝවිල් පරිශ්‍රයේ සිට තෙලිප්පලෙයි යූනියන් විද්‍යාලය දක්වා පැමිණි අතර ජාතික තෛපොංගල් උත්සවය ආරම්භ වූයේ ඉන් අනතුරුවය.

උත්සවය විචිත්‍රවත් සංස්කෘතිකාංගවලින් අලංකාර කර තිබූ අතර මෙය සංවිධාන කළේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයයි.

Latest articles

යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රායයි – අගමැති

වරප්‍රසාද සහ අනුග්‍රහන මත යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය...

ඕස්ට්‍රේලියානු රජය පළමු ජාතික ඔටිසම් උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලැස්ම දියත් කරයි

ඔටිසම් තත්ත්වයට මුහුණ දීම සඳහා වන ප්‍රථම ඕස්ට්‍රේලියානු ජාතික මට්ටමේ මූලෝපායික වැඩපිළිවෙල එළිදැක්වීමට එරට...

අඛණ්ඩව තුන්වන වරටත් චීනයේ ජනගහනය පහළ යයි

චීනයේ ජනගහනය 2024 වසරේ අඛණ්ඩව තුන්වන වරටත් පහත වැටී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන...

කාන්තා යොවුන් ලෝක කුසලානයේ පළමු තරඟයේ ජය ඕස්ට්‍රේලියාවට

19න් පහළ කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද (18) දින පැවති සමාරම්භක...

More like this