තායිලන්තයේ රැකියා දෙපාර්තමේන්තුව (DOE) විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, එරට සේවකයින් ඉලක්ක කර ගනිමින් විදෙස් රැකියා ලබා දෙන බව පවසා සිදු කර ඇති වංචාවලට අනුව, එහි පළමු ස්ථානයේ පසුවන රට ලෙස ඕස්ට්‍රේලියාව පෙන්වා දෙනවා.
2023 ඔක්තෝබර් සිට 2024 සැප්තැම්බර් දක්වා බලධාරීන් නීතිවිරෝධී තැරැව්කරුවන් 452 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර වංචාවට හසු වූ රැකියා සොයන්නන් 608 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන්.
එම නිසා සිදුව ඇති මුළු පාඩුව Thai bahts 44,223,300 ක් බවයි පැවසෙන්නේ.
අදාළ අගය රුපියල් නම් වටිනාකම කෝටි 37කට අධික වනවා.
දත්ත වාර්තාවලට අනුව රැකියා වංචා සිදු කර ඇති රටවල් අතර ඉහළම රටවල් 5 පහත පරිදි වේ.
ඕස්ට්‍රේලියාව
ජපානය
දකුණු කොරියාව
එක්සත් ජනපදය
අයිස්ලන්තය
2024 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා රැකියා සොයන්නන් 53 දෙනෙකු රවටා ගත් තැරැව්කරුවන් 59 දෙනෙකුට තායි බලධාරීන් නඩු පවරා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස Thai bahts 6,112,613 ක පාඩුවක් සිදුව ඇති බව සඳහන්.
එම කාලසීමාවට අදාළව හඳුනාගත් ඉහළම රටවල් 5
ඕස්ට්‍රේලියාව
මැලේසියාව
දකුණු කොරියාව
එක්සත් අරාබි එමීර් රාජ්‍යය
කැනඩාව
මෙම වංචාවලට සම්බන්ධ හඳුනාගත් තැරැව්කරුවන් සහ සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද තායිලන්තයේ රැකියා දෙපාර්තමේන්තුව (DOE) කටයුතු කරමින් සිටිනවා.