මාලදිවයිනේ හිටපු ජනාධිපති ඊබ්රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් අද (15) කොළඹ දී පැවැත්වුණා.
මෙම හමුව සම්බන්ධයෙන් X පණිවුඩයක් නිකුත් කරමින් මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ වත්මන් දේශපාලන තත්ත්වය සහ මාලදිවයින හා ශ්රි ලංකාව අතර පවතින විශිෂ්ට සබදතාව පිළිබඳ මෙහිදි සාකච්ඡා කළ බවයි.
ඉන්දීය සාගර කලාපයේ අඛණ්ඩ සාමය සහ ආරක්ෂාව ගැන ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි සුහද සාකච්ඡාවක් පැවති බවයි මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.