දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

Published on

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සෙසු දෙදෙනා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සියලු සැකකරුවන් හා එම සිසුවිය අද (14) සවස ගම්පොළ මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දීයි.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වෑන් රථයේ රියදුරුවරයායි.

ඔහු ලබන 27 දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ප්‍රධාන සැකකරු හා අද උදෑසන අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවා හෙට දින දක්වා රැඳවුම් භාරයේ තබා ගැනීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.

එමෙන්ම අදාළ දැරිය පියා භාරයට පත් කිරීමට ද අධිකරණය නියෝග කළා.

Latest articles

ඕස්ට්‍රේලියානු තරඟ සංශෝධනයට ශ්‍රී ලංකාවේ කැමැත්ත

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ...

වෙලේසුදා ඇතුළු තිදෙනෙකුට වසර 8ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

ජනපති අනුර මාඕ සේතුං ස්මාරකයට ආචාර දක්වයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත...

ඇත්තටම රාත්‍රී කාලයේ සීගිරිය ආලෝකවත් කරලද?

විදුලි අලෝකය යොදාගනිමින් රාත්‍රී කාලයේ සීගිරි පර්වතය ආලෝකවත් කර ඇති බවට සමාජ මාධ්‍යයේ පළවන...

More like this