දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැඩි නීති කිහිපයක්

Published on

නිමාව දුටු ටෙස්ට් තරගාවලි කිහිපයකදීම ඉන්දීය කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායමට දැඩි නීති කිහිපයක් හදුන්වා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් වන බවට වාර්තා වන බව එරට මාධ්‍ය පවසනවා.

මෙහිදි විශේෂයෙන් දීර්ඝ තරග සංචාරයන්හිදී ක්‍රීඩකයින්ට සිය බිරින්දෑවරුන් රැගෙන යාමට තිබූ අවසරයට සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දින 45ක පමණ සංචාරයක් අතරතුර ක්‍රිඩකයින්ගේ බිරින්දෑවරුන්ට ක්‍රිඩකයින් සමග රැදී සිටිමට ලැබෙන කාලය සති දෙකක් දක්වා සීමා කිරීමට අවධානය යොමු වී ඇති බවයි සඳහන්.

බිරින්දෑවරුන් ක්‍රීඩකයින් සමග දිර්ඝ කාලයක් රැදී සිටියහොත් ඔවුන්ගේ කාර්ය සාධනයට එය අහිතකර ලෙස බලපානු ඇති බවට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට හැගී ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එමෙන්ම සෑම ක්‍රිඩකයෙක්ම සංචිතයේ අනෙකුත් සාමාජිකයින් සමග කණ්ඩායම් බස් රථයේ ගමන් කල යුතු අතර කිසිදු ක්‍රිඩකයෙකුට තරගාවලියක් අතරතුර තනිව ගමන් කිරිමට අවසර ලබා නොදීමට අවධානය යොමුව ඇති බවයි වාර්තා වේ.

මේ අතර ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර්ටද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි චෝදනා එල්ල කර ඇති අතර ඔහුගේ කළමනාකරුට කණ්ඩායම රැඳී සිටින හෝටලයේ රැඳී සිටිමට හෝ ක්‍රිඩාංගණවල ප්‍රභු ආසන වල අසුන් ගැනිම තහනම් කිරීමටද අවධානය යොමුවී ඇති බව සඳහන්.

එමෙන්ම ගෞතම් ගම්භීර්ගේ කළමනාකරුට කණ්ඩායම ගමන් ගන්නා බස් රථයේ හෝ පිටුපසින් ගමන් ගන්නා බස් රථයේ ගම්භිර් සමග ගමන් කිරීම තහනම් කිරීමටද අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම කණ්ඩායමේ සහයක කාර්ය මණ්ඩලයේ ධුර කාලය වසර තුනකට සීමා කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දිය ක්‍රීකට් පාලක මණ්ඩලය තවමත් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.

Latest articles

ඕස්ට්‍රේලියානු තරඟ සංශෝධනයට ශ්‍රී ලංකාවේ කැමැත්ත

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ...

වෙලේසුදා ඇතුළු තිදෙනෙකුට වසර 8ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

ජනපති අනුර මාඕ සේතුං ස්මාරකයට ආචාර දක්වයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත...

ඇත්තටම රාත්‍රී කාලයේ සීගිරිය ආලෝකවත් කරලද?

විදුලි අලෝකය යොදාගනිමින් රාත්‍රී කාලයේ සීගිරි පර්වතය ආලෝකවත් කර ඇති බවට සමාජ මාධ්‍යයේ පළවන...

More like this