ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසනවා.
එවැනි කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි එම කොමිසන් සභාව සඳහන් කළේ.
මෙම අසත්‍ය පුවත වාර්තා වීමත් සමග කොමිසන් සභාව සියලු දුරකථන සමාගම් වෙතින් මේ පිළිබඳව විමසීමක් කර තිබෙනවා.
එහිදි සියලුම සමාගම් එවැනි මිල වැඩිකිරීමක් සිදු නොකළ බවට කොමිසන් සභාව වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව මෙවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව ජනතාවට දැනුම් දෙනවා.