ඕස්ට්‍රේලියාව ශ්‍රි ලංකාවෙන් එක්දින තරඟයක් ඉල්ලයි

Published on

ශ්‍රි ලංකා තරඟ සංචාරයේ සංශෝධනයක් සිදුකරන ලෙස ඕස්⁣ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව තරඟාවලියට අමතර එක්දින තරඟයක් ඇතුළත් කරන ලෙස ඔවුන් ඉල්ලිමක් කර ඇති බවයි පැවසෙන්නේ.

ශූරයින්ගේ කුසලාන තරඟාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින් මෙම ඉල්ලිීම සිදුකර ඇති බව සඳහන්.

ටෙස්ට් තරඟ දෙකකට සහ එක්දින තරඟයකට සහභාගි වීම සඳහා මේ මස අග ඕස්⁣ට්‍රෙිලියානු කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතයි.

ටෙස්ට් තරඟ දෙක ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේත්, එක්දින තරඟය සූරියවැව ක්‍රීඩාංගණයේත් පැවැත්වීමට මේ වන විටත් සැලසුම් කර තිබෙනවා.

ඕස්⁣ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම ඉටුවුවහොත් එක්දින තරඟ දෙකම කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආලෝක කුලුනු මේ වන විට ප්‍රතිසංස්කරණය කරන බැවින් එම තරඟ දෙක දිවා තරඟ ලෙස පැවැත්වෙනු ඇති.

අමතර එක්දින තරඟයක් ඉල්ලා සිටියද, ටෙස්ට් තරඟ දෙකෙහි වෙනසක් සිදු නොවන බවයි පැවසෙන්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this