සංචාරය සඳහා එංගලන්තයට යන ඕස්ට්‍රේලියානුවන්ට නව පරිපාලන බාධකයක්

Published on

නිවාඩුවක් හෝ රැකියා චාරිකාවක් සඳහා එක්සත් රාජධානියට යන ඕස්ට්‍රේලියානුවන්ට දැන් නව පරිපාලන බාධකයක් පැනීමට සිදුවෙනවා.

ඒ ජනවාරි 8 වැනිදා සිට බලාත්මක වූ විද්‍යුත් සංචාරක අවසර (ETA) පත්‍රයක් ලබා ගැනීමට සිදු වීමත් සමගයි.

මෙම සංචාරක අවසරය (ETA) ඔස්ට්‍රේලියානුවන් සහ වෙනත් ජාතීන් 50කට වැඩි ප්‍රමාණයක් සඳහා ක්‍රියාත්මක වනු ඇති.

සංචාරකයින් එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය හෝ උතුරු අයර්ලන්තයට ඇතුළු වීමට පෙර ඊට අදාළ පෝරමයේ විස්තර සම්පුර්ණ කර අවසර ලබා ගත යුතුයි.

app එකක් හරහා හෝ Online ක්‍රමයට අයදුම් කළ හැකි මෙම බලපත්‍රය 2023 දී බ්‍රිතාන්‍යයේ හිටපු කොන්සර්වේටිව් රජය විසින් එක්සත් රාජධානියට ඇතුළු වන සහ පිටවන පුද්ගලයින් සංඛ්‍යාව ගණනය කිරීමට අනේවාසිකයින් සහ වීසා බලපත්‍ර දරන්නන් සඳහා හඳුන්වා දෙන ලද බවයි පැවසෙන්නේ.

මුලදී, එය මැද පෙරදිග රටවලින් ගමන් කරන පුද්ගලයින්ට පමණක් අදාළ වූ නමුත්, දැන් සම්පූර්ණ වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන බොහෝ රටවල සංචාරකයින් සඳහා ද අවශ්‍ය වනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සිට එංගලන්තයේ, ස්කොට්ලන්තයේ, වේල්සයේ සහ උතුරු අයර්ලන්තයේ නිවාඩුවක් ගත කිරීමට හෝ මිතුරන් සහ පවුලේ අය බැලීමට යන ඕනෑම අයෙකුට දැන් ETA සඳහා අයදුම් කිරීමට සිදු වනු ඇති.

ඔබ එක්සත් රාජධානිය හරහා සංක්‍රමණය වන්නේ නම්, දේශසීමා හරහා නොගිය ද, අවසර පත්‍රය සඳහා කලින් අයදුම් කළ යුතුයි.

සංචාරක, ව්‍යාපාර හෝ කෙටි කාලීන අධ්‍යයන අරමුණු සඳහා වන පුද්ගලයන්ට මාස හයක් දක්වා එංගලන්තයේ රැඳී සිටීමට ETA හරහා අවස්ථාව පවතිනවා.

ඊට අයත් විධිවිධානයන්ට අනුව ආගන්තුකයෙකුට මාස හයකට වඩා වැඩි කාලයක් රැඳී සිටීමට, වැඩ කිරීමට හෝ කිසිවෙකු සමඟ විවාහ වීමට හැකියාවක් නැහැ.

එක්සත් රාජධානියේ සංචාරයක දී විවාහ වීමට අදහස් කරන පුද්ගලයින් නිශ්චිත විවාහ වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ යුතුයි.

සංචාරය කරනු ලබන පුද්ගලයා බ්‍රිතාන්‍ය හෝ අයර්ලන්ත පුරවැසිභාවය සහිත ද්විත්ව පුරවැසියෙක් නම්, ඊට අදාළ විදේශ ගමන් බලපත්‍රයෙන් ගමන් කරන්නේ නම් ETA සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නොවන බවද සඳහන්.

විද්‍යුත් සංචාරක අවසරයක් සඳහා අයදුම් කරන්නේ කෙසේද?

එක්සත් රාජධානියේ රජය සංචාරකයින්ට app එකක් හරහා හෝ Online ක්‍රමයට ඩිජිටල් බලපත්‍රය සඳහා අයදුම් කිරීමේ ක්‍රමවේදයක් ලබා දී තිබෙනවා.

පෝරමය සම්පූර්ණ කිරීමට විදේශ ගමන් බලපත්‍ර විස්තර සහ ගෙවීම් ක්‍රමයක් අවශ්‍ය වේ.

ETA සඳහා ගමන් විස්තර අවශ්‍ය නොවන අතර, විදේශ ගමන් බලපත්‍රයට අමතරව මුහුණ කොටසේ ඡායාරූපයක් සැපයිය යුතුයි.

බොහෝ අයදුම්පත් සඳහා වැඩ කරන දින තුනක් ඇතුළත තීරණයක් ලැබෙන අතර එබැවින් ඔබ පිටත් වන දිනයට අසන්න වී අයදුම් කිරීමට වග බලා ගන්න.

එසේම වංචාකරුවන් ව්‍යාජ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පළ කිරීම් එක කර ව්‍යාජ වීසා ලබා දෙමින් සංචාරකයින් රැවටීමට උත්සාහ කිරීම් සිදු කරන බවට ද තොරතුරු හෙළි වී තිබෙනවා.

ETA බලපත්‍රය ඔබ අයදුම් කරන ගමන් බලපත්‍රයට සම්බන්ධ කර ඇති නිසා ඒ සඳහා අයදුම් කරන ඕනෑම අයෙකු ඔවුන් නිල වෙබ් අඩවිය හෝ app එක භාවිතා කිරීමට බවට වග බලා ගත යුතුයි.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...