ඕස්ට්‍රේලියාවේ HMPV වෛරසයේ රෝග විනිශ්චය කිරීම් දෙසැම්බරයට වඩා අඩු වෙයි

Published on

නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය වාර්තාවලට අනුව, පසුගිය සති හතර තුළ HMPV හි රෝග විනිශ්චය කිරීම් අඩුවෙමින් පවතින අතර, එය දෙසැම්බර් මැද භාගයේදී 1428 සිට ජනවාරි ආරම්භයේදී 529 දක්වා පහත වැටි ඇති බව කියනවා.

බෝවන රෝග වෛද්‍ය සහ ක්ෂුද්‍රජීව විද්‍යාඥයකු පැවසුයේ ඕස්ට්‍රේලියාවේ HMPV රෝගී තත්ත්වය අනතුරු ඇඟවීමට තරම් තත්ත්වයක නොමැති බවයි.

එම වෛරසය නිසැකවම COVID හා සමාන නොවන බව පවසන ඔහු ඕස්ට්‍රේලියානුවාසීන්ට ශ්වසන වෛරසයක රෝග ලක්ෂණ ඇති වූ විට, විශේෂයෙන් ඔවුන්ගේ රෝග ලක්ෂණ වඩාත් දරුණු නම්, එය පරීක්ෂා කර ගන්නා ලෙස ඉල්ලීම් කරනවා.

ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යාඥයෙකු වන මහාචාර්ය ජිල් කාර් පවසන්නේ මෙම වෛරසය COVID-19 වෛරසයට වඩා බෙහෙවින් වෙනස් බවත්, එහිදී වෛරසය මිනිසුන් තුළ වසංගත මට්ටම් දක්වා පැතිර ගියේ ප්‍රජාව තුළ පූර්ව නිරාවරණයක් හෝ ආරක්ෂිත ප්‍රතිශක්තියක් නොතිබූ බැවින් බවයි.

ඒ හා සමානව, වෙනත් ඕස්ට්‍රේලියානු බෝවන රෝග සහ මහජන සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් තුළද වෛරසය පිළිබඳ අනතුරු ඇඟවීමට තරම් හේතුවක් නොමැති බව පවසනවා.

එමෙන්ම මෙවැනි HMPV වෛරසයේ රෝග ලක්ෂණ හෝ ශ්වසන වෛරසයක රෝග ලක්ෂණ ඇති අයෙකු නම් නිතරම නිවසේ රැඳී සිටීම, අවශ්‍ය නම් හෝ සුදුසු තැන්වල මුහුණු ආවරණ පැළඳීම, කැස්ස සහ කිවිසුම් ආචාර විධි, අත් සනීපාරක්ෂාව ආදී ආසාදන පාලන පිළිවෙත් අනුගමනය කළ හැකියි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this