ත්‍රිපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර අඛණ්ඩව පවත්වාගෙන යනවා – අමාත්‍ය නලින්ද

Published on

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කදානේ පිහිටි ත්‍රීපෝෂ සමාගමේ වත්මන් තත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබද සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යාවරයා මේ බව සඳහන් කළා.

පැවැති රජයන් ජාතික වටිනාකමින් යුතු මෙම ත්‍රිපෝෂ නිෂ්පාදන ආයතනය සංවර්ධනය කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට විධිමත් සහ ඉලක්කගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම මත එහි පූර්ණ ප්‍රතිලාභ ජනතාවට අහිමිවන තත්වයක් උදාවෙමින් පැවති අතර එම තත්වය වෙනස් කර නැවත ත්‍රීපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපයන සක්‍රීය ආයතනයක් බවට පත් කිරීමේ අරමුණ පෙරදැරිව තම රජය ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේ.

මෙම ත්‍රිපෝෂ නිෂ්පාදන ආයතනය ඈවර කිරීමට පසුගිය ආණ්ඩුව තීන්දු කර තිබූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඉදිරියේ දී ත්‍රීපෝෂ නිෂ්පාදන ආයතනයේ කටයුතු දියත් කිරීමේදී , සමාගමට අවශ්‍ය බඩඉරිගු හා සෝයා සපයන මෙරට ගොවි නිෂ්පාදකයන්, ව්‍යවසායකයන් දිරිගන්වමින් ඒකාබද්ධ කරගනිමින් ඔවුන්ගේ නිෂ්පාදන ත්‍රිපෝෂ සමාගම මිලදී ගන්නා අඛණ්ඩ ක්‍රමවේදයක් සැකසිය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

Latest articles

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

නිරිතදිග ජපානයේ රිච්ටර් පරිමානයේ ඒකක 6.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන්, මියාසාකි ප්‍රාන්තයට,...

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක් සදහා අදියර 1 යටතේ නායයෑමේ පූර්ව...

ගම්පොළ පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

ගම්පොළ ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි...

More like this