විදේශිය නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් 31 වැනිදා ධීවර යාත්‍රාවක් මගින් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කළා.
එම විමර්ශනයේදි අනාවරණය කර ගත් තොරතුරු මත ධීවර යාත්‍රාවේ හිමිකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම සැකකරු විසින් නිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් ,එම මැගසීනයක් සහ සජීව පතොරම් 4ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඔහුට එම ගිනි අවිය ලබාදුන් බවට සැකකෙරන තවත් පුද්ගලයෙක් හික්කඩුව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30 සහ 33 වැනි වියේ පසු වූ වැරැල්ලාන සහ ගිංතොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුරට විමර්ශන සිදුකරනු ලබනවා.