පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා රෝගී ඕස්ට්‍රේලියානුවන්ට දැන් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක්

Published on

පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා ඇති ඕස්ට්‍රේලියානුවන්ට දැන් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (PBS) යටතේ දැරිය හැකි මිලකට නව සහ පුළුල් කළ ඖෂධ සඳහා දැරිය හැකි ප්‍රවේශයක් ලබා දී තිබෙනවා.

එමගින් සුදුසුකම්ලත් රෝගියෙකුට උපරිම වශයෙන් ඩොලර් 31.60 ක් හෝ සහන කාඩ්පතක් සමඟ ඩොලර් 7.70 ක් පමණක් ගෙවනු ඇති බව කියයි.

සෑම දිනකම ඕස්ට්‍රේලියානුවන් 58 දෙනෙකු පමණ පියයුරු පිළිකාවට ගොදුරු වන බව සඳහන්.

ඕස්ට්‍රේලියාවේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාව පියයුරු පිළිකාව වේ.

ඕස්ට්‍රේලියානු කාන්තාවන් 7 දෙනෙකුගෙන් 1කෙනෙකු ඔවුන්ගේ ජීවිත කාලය තුළ පියයුරු පිළිකා ඇති බව හඳුනාගෙන තිබෙනවා.

ඒ අතරින් ඕස්ට්‍රේලියානුවන් 10,000කට අධික සංඛ්‍යාවක් metastatic පියයුරු පිළිකා රෝගයෙන් පීඩා විඳිනවා.

තහවුරු කරන ලද BRCA1 හෝ BRCA2 විකෘතියක් සහිත HER2 සෘණ metastatic පියයුරු පිළිකා යනු ශරීරයේ අනෙකුත් කොටස්වලට පැතිරී ඇති පිළිකා වර්ගයක් වන අතර ඊට ජාන විකෘති හේතුවෙන් ප්‍රතිකාර කිරීමට අපහසු වේ.

මෙම PBS ප්‍රතිකාර වෙත යොමු වීම සඳහා පරීක්ෂණ අවශ්‍ය සියලුම metastatic පියයුරු පිළිකා රෝගීන්ට germline BRCA පරීක්ෂණය reimbursed කරන බව රජය නිවේදනය කරයි.

සහනාධාරයක් නොමැතිව, olaparib ප්‍රතිකාර සඳහා metastatic පියයුරු පිළිකා රෝගීන්ට ඩොලර් 72,000 ක් පමණ වැය වන අතර මෙම ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මගින් සෑම වසරකම පියයුරු පිළිකා රෝගීන් 300 කට පමණ ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Metastatic castration-resistant prostate cancer යනු ශරීරයේ අනෙකුත් කොටස් වලට පැතිරී ඇති සහ හෝමෝන ප්‍රතිකාරයට ප්‍රතිචාර නොදක්වන පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකි.

එම රෝගයෙන් පීඩා විඳින රෝගීන් සහනාධාරයක් නොමැතිව, talazoparib ප්‍රතිකාර සඳහා ඔවුන්ට ඩොලර් 101,000 ක් පමණ වැය වන අතර PBS ප්‍රතිකාර ක්‍රමය මගින් සෑම වසරකම 180 කට පමණ ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ඖෂධ දෙකම අයත් වන්නේ PARP (poly-ADP ribose polymerase) inhibitors නම් වූ පිළිකා නාශක ඖෂධ සමූහයකට වන අතර, DNA හානිය යථා තත්ත්වයට පත් කිරීමට හොඳ නැති පිළිකා සෛල විනාශ කිරීමට උපකාරී වේ.

2022 ජූලි මාසයේ සිට ඕස්ට්‍රේලියානු රජය ස්වාධීන ඖෂධ ප්‍රතිලාභ උපදේශක කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි PBS හි නව සහ සංශෝධිත ලැයිස්තුගත කිරීම් 284ක් සඳහා අමතර අරමුදල් අනුමත කර ඇත.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...