Clean Sri Lanka අසත්‍ය හඬපටය ගැන පොලිසියෙන් කරුණු පැහැදිලි කිරීමක්

Published on

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය හඬපටයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනවා.

” රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන Clean Sri Lanka -2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් මහජනතාව වෙත සිදුකරනු විශේෂ දැනුම් දීමයි ” යනුවෙන් කිසියම් පුද්ගලයෙක් විසින් සිදුකල අසත්‍ය හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

පොලිස් ආඥා පනතේ වගන්තියක් සඳහන් කරමින් මහජනතාව විසින් තම නිවෙස් ඉදිරිපිට ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම ඇතුළු තවත් කරුණු අවධාරණය කර ඇති බවටත්, එසේ සිදු නොකරන පුද්ගලයින්ට එරෙහිව ජනවාරි මස 15 වැනිදායින් පසු නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවටත් එම හඬපටයේ සඳහන් වනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම හඬපටය අසත්‍ය හඬපටයක් බවත්, මෙවැනි හඬපටයක් පොලිසිය විසින් නිකුත් කර නොමැති බවත් අදාළ හඬපටය නිකුත් කළ පුද්ගලයා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ

Latest articles

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

නිරිතදිග ජපානයේ රිච්ටර් පරිමානයේ ඒකක 6.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන්, මියාසාකි ප්‍රාන්තයට,...

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක් සදහා අදියර 1 යටතේ නායයෑමේ පූර්ව...

ගම්පොළ පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

ගම්පොළ ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි...

More like this