භාණ්ඩ 63ක විශේෂ වෙළද භාණ්ඩ බද්ද තවදුරටත්

Published on

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු තෝරාගත් භාණ්ඩ වර්ග 63ක් ආනයනය කිරීමේදී මෙතෙක් පවත්වාගෙන යමින් සිටින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැවති බදු අනුප්‍රමාණයන් යටතේම තවදුරටත් පවත්වාගෙන යාමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසන්නේ එම භාණ්ඩ මත පනවා ඇති බද්ද සංශෝධනය කිරීමකින් තොරව ජනවාරි මස 1 වැනිදා සිට ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

මේ අනුව පරිප්පු , සුදු සීනි , අර්තාපල් , ලොකු ලූණු , රතු ලූණු , සුදු ලූණු . පොල්තෙල්, එලවලු තෙල් , ටින් මාලු , වියලි මිරිස් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ 63ක් සඳහා මෙතෙක් පැවති බදු අනුප්‍රමාණයන් සංශෝධනයකින් තොරව ඒ අනුව එලෙසම පවත්වාගෙන යනු ඇති.

කෙසේ වෙතත් මේ හේතුවෙන් පාරිභෝගික ජනතාවට භාණ්ඩ මිල ඉහළ යාමක් සිදු නොවන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ, සහල් , උදු , මුං ඇට , බඩ ඉරිගු , කුරක්කන් ,කහ , පලතුරු වර්ග , මාලු සහ කරවල ආදි දේශිය සහ කෘෂි හා ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම බදු ක්‍රියාත්මක වන බවයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this