නව වසරේ පෙරටත් වඩා මහන්සියෙන් උද්යෝගයෙන් යුතුව ජනතාවට රාජ්‍ය සේවයෙන් ඉටු විය යුතු සේවය ඉෂ්ට කිරීමට සියලු දෙනාම කැප විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
පහුගිය මාස කිහිපය තුළ රාජ්‍ය සේවකයින් ලබා දුන් සහයෝගයට ද ස්තූතිවන්ත වන බවයි ඇය පවසන්නේ.
ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹී clean Sri lanka වැඩසටහනට සමගාමීව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.