රේගුවෙන් 2024 දී රුපියල් ට්‍රිලියන 1.5 ඉක්මවූ වාර්ථාගත ආදායමක්

Published on

2024 වසරේදී ශ්‍රී ලංකා රේගුව, ඉතිහාසයේ වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම ලබා ගනිමින්, රුපියල් ට්‍රිලියන 1.5 හේ සීමාව ඉක්මවමින්, වාර්ථාගත ආදායමක් උපයා ගැනීමට සමත් ව තිබෙනවා.

ඊයේ (31) දින දහවල් 11 වන විට රුපියල් ට්‍රිලියන 1.5 සීමාව ඉක්මවූ රේගු ආදායම, දිනය අවසානයේදී රුපියල් ට්‍රිලියන 1.515 ක් දක්වා වර්ධනය වීමට නියමිත බවයි රේගුව පවසන්නේ.

ඒ අනුව, රජය විසින් 2024 වසර සඳහා ලබා දී තිබූ රුපියල් ට්‍රිලියන 1.533 ක ආදායම් ඉලක්කය ඉතා ආසන්නයටම සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකි වී තිබෙනවා.

රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ප්‍රමාණය ඉහළ යාම හා විශේෂයෙන් රේගු කළමනාකාරිත්වය විසින් සිදු කරන ලද බදු එකතු කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා ගනු ලැබූ ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා සමස්ථ රේගු කාර්ය මණ්ඩලයම කැප වී කටයුතු කිරීම මේ අයුරින් වාර්ථාගත ආදායමක් උපයා ගැනීමට හේතු වී තිබෙන බව සඳහන්.

මෙම ආදායම උපයා ගැනීමට, තමන් ගෙවිය යුතු බදු මුදල් ප්‍රමාණය නිවැරදිව ගෙවමින් දායකත්වයක් ලබා දුන් සියලුම බදු ගෙවන්නන්හට ශ්‍රී ලංකා රේගුව ප්‍රණාමය පුදකර සිටිනවා.

එමෙන්ම, රජය විසින් ලබා දුන් බදු ආදායම් ඉලක්ක සපුරා ගනිමින් රටේ සමස්ථ ආර්ථිකයට ඉහළම දායකත්වයක් ලබා දීමට හැකිවීම පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ කාර්ය මණ්ඩලය ස්වකීය සතුට ප්‍රකාශ කර සිටිනවා.

Latest articles

දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත...

දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැඩි නීති කිහිපයක්

නිමාව දුටු ටෙස්ට් තරගාවලි කිහිපයකදීම ඉන්දීය කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායමට දැඩි...

සිරමැදිරිය ගුවනින් ආ තහනම් ද්‍රව්‍ය

වව්නියාව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් කිසියම් පුද්ගලයෙක් විසින් විසිකර...

කෝටි ගණනක මැණික් තොගයක් රටින් පන්නන්න හදපු චීන ජාතිකයින් දෙදෙනෙකුට වැඩ වරදී

රුපියල් එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ, පනස් දහස් අට සිය හැත්තෑ පහක් වටිනා මැණික්...

More like this