වර්තමාන අභියෝග නිවැරදිව හඳුනාගනිමින් අනාගතය ශක්තිමත් කිරීමට කැපවෙනවා – නව වසරට සුබ පතමින් විපක්ෂ නායක කියයි

Published on

අපේ මාතෘ භූමිය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝග නිවැරදිව හඳුනා ගනිමින් එම අභියෝග ජය ගැනීමට අවශ්‍ය ධෛර්ය, ශක්තිය හා දැක්මක් ඇතිව කටයුතු කිරීමට උදාවන නව වසරේ අප සියලු‍ දෙනා අදිටන් කර ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

2025 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සඳහන් කළේ, ඒ සඳහා ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම සඳහා වූ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි.

විපක්ෂ නායක විසින් නිකුත් කළ නව අවුරුදු සුබ පැතුම් පණිවිඩයේ මෙසේද පවසනවා.

අතීතයේ මෙන් පටු වාර්ගික, ආගමික මතවාද තුළ බේදභින්න කළ දේශපාලනික වැඩසටහන් යළිත් ඉස්මතු නොවීමට කටයුතු කිරීම එහිදී අතිශය වැදගත් වේ. එමෙන් ම ගෙවී ගිය වසර හතරකට ආසන්න කාලය තුළ රටේ ජනතාව මුහුණ දුන් අවිනිශ්චිත බව, අපේක්ෂා භංගත්වය අවසන් කොට ජනතාවට මාතෘභූමිය තුළ රැදී සිටීමට හිතකර ආර්ථික, දේශපාලන, සමාජීය වාතාවරණය නිර්මාණය කිරීම අපගේ අපේක්ෂාවයි.

මෙහි දී අප සිදු කළ යුත්තේ අසහනය පරාජය කොට සහනය ජයග්‍රහණය කරවීම සඳහා වූ මාර්ගය නිවැරදිව එලිපෙහෙලි කර ගැනීම යි. රටේ ජනතාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ බිඳවැටී ඇති ජීවිත යළිත් ගොඩනැගීමට නව ආර්ථික වැඩපිළිවෙලක් සහ ක්‍රියාදාමයක් අවශ්‍ය බව යළි යළිත් තහවුරු වෙමින් පවතී. එබැවින් රටේ අනාගතය වෙනුවෙන් දේශපාලන සමාජීය හා ආර්ථික ඉදිරි වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට නව වසරේ අපි කැපවීමෙන් කටයුතු කරමු.

Latest articles

දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත...

දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැඩි නීති කිහිපයක්

නිමාව දුටු ටෙස්ට් තරගාවලි කිහිපයකදීම ඉන්දීය කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායමට දැඩි...

සිරමැදිරිය ගුවනින් ආ තහනම් ද්‍රව්‍ය

වව්නියාව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් කිසියම් පුද්ගලයෙක් විසින් විසිකර...

කෝටි ගණනක මැණික් තොගයක් රටින් පන්නන්න හදපු චීන ජාතිකයින් දෙදෙනෙකුට වැඩ වරදී

රුපියල් එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ, පනස් දහස් අට සිය හැත්තෑ පහක් වටිනා මැණික්...

More like this