ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පත්කර තිබෙනවා.
මීට අමතරව නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ යන මහතා පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද (30) ඔවුන් වෙත භාර දුන්නා.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් හෙට සිය ධුරවලින් විශ්‍රාම යාමට නියමිතයි.
මේ අතර වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබෙනවා.