අභාවප්‍රාප්ත ඉන්දිය හිටපු අග්‍රමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාට අවසන් ගෞරවය දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (30) ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණියා.
එහිදි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් විවෘත කරන ලද ශෝක ප්‍රකාශ පොතෙහි සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරිය සිය අවසන් ගෞරවය පුද කළා.
ආචාර්ය මන්මෝහන් සිං මහතා වෙනුවෙන් ගෞරව දැක්වීමක් ලෙස , 2024 දෙසැම්බර් 26 සිට 2025 ජනවාරි 1 දක්වා පුරා දින හතක් ඉන්දියාව රජයේ ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අද සිට 2025 ජනවාරි 01 දක්වා ශෝක පොත විවෘතව තබන බව සඳහන්.