හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ සමාජ ශාලාවක බහින් බස්වීමක් ඇති කර ගෙන තිබෙනවා.
එම සිදුවීම එම ස්ථානයේ සිටි විදේශිකයෙක් විසින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙහිදී දැඩි ලෙස කෝපයට පත් හිටපු අමාත්‍යාවරයා කිසියම් පුද්ගලයෙකුට අසභ්‍ය ලෙස බැණ වදින ආකාරයක් මෙම වීඩියෝවේ දක්නට ලැබෙයි.
එහි සිටි ආරක්ෂකයින් හා අසළ සිටි පිරිස් මහත් උත්සාහයක් දරා ඔහු එම ස්ථානයෙන් පිටතට රැගෙන යාමට කටයුතු කර ඇති බව සඳහන්.
ඔහුගේ ක්‍රියාව සමාජ ශාලාවේ සිටි අනෙකුත් අමුත්තන්ගේ අප්‍රසාදයට ලක් වූ බව වාර්තා වේ.
කෙසේවෙතත්, කුරුඳුවත්ත පොලිසියෙන් කළ විමසීමකදී කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.