බටහිර ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයකදී දෙදෙනෙක් දියේ ගිලී මිය යයි

Published on

බටහිර ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයකදී අනතුරුදායක දිය පහරකට හසුවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (28) දින දියේ ගිලී මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයකු රෝහල් ගත කර තිබෙන බව සඳහන්.

පුද්ගලයින් තිදෙනාම නිරිතදිග වෝල්පෝල් නගරයට ආසන්න ක්ලිෆ් වෙරළ තීරයේ රැල්ලකට හසු වී තිබෙන බවයි කියන්නේ.

ප්‍රකාශයක් නිකුත් කරමින් W A පොලිසිය පවසන්නේ පස්වරු 2.40 ට පමණ තිදෙනා රැල්ලට හසු වී තිබෙන බවත් පොලිසිය පැමිණෙන විටත් මහජනතාව පිරිස ජලයෙන් ගොඩට ගෙන සිටි බවත්ය.

නිලධාරීන් පැවසුවේ ඔවුන් ප්‍රථමාධාර ලබා දීම ආරම්භ කළ නමුත් 40 හැවිරිදි කාන්තාවක් සහ 44 හැවිරිදි පිරිමි පුද්ගලයකු ඒ වන විටත් මිය ගොස් සිටි බවයි.

40 හැවිරිදි අනෙක් පුද්ගලයා ප්‍රථමාධාර ලබා දීමෙන් පසුව සිහි ගන්වා රෝහල් ගත කර තිබෙනවා.

වැඩිහිටියන් තිදෙනාම එකිනෙකා හඳුනන අය වන අතර ඔවුන් පර්ත් ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

ඕස්ට්‍රේලියාවේ රාජකීය ( Royal) ජීවිතාරක්ෂක දත්ත පෙන්වා දෙන්නේ මේ වසරේ දියේ ගිලී මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

මෙම වසරේ ගිම්හානයේ පළමු සති තුන තුළ මරණ 14ක් සිදුවී ඇති අතර එය 2023 වසරේ එම කාලය තුළ සිදු වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩිය.

දියේ ගිලී මිය ගිය අයගෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් පිරිමින් වන අතර දියේ ගිලී මිය ගිය අයගෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ අය නොවන බව දත්ත පෙන්වා දෙයි.

සියලුම දියේ ගිලීම්වලින් හතරෙන් එකක් ගංගා සහ ඇළ දොළ නිසා සිදුවන අතර 20%ක් පමණ ඕස්ට්‍රේලියානු වෙරළ තීරයේ සිදු වේ.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this