විදේශීය සංචාරකයින්ට බාධා නොවන අයුරින් නිවාඩු සමය ගත කරන ලෙස සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා දේශීය සංචාරකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
විදේශීය සංචාරකයින් ලක්ෂ 02කට අධික පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ දිනවල සංචාරයේ නිරත වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
දේශීය සංචාරකයින් ද වර්ෂ අවසානයේ නිවාඩු සමය ගතකිරීම සඳහා සංචාරක ස්ථාන කරා පැමිණීම ඉහළ ගොස් ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.
මේ හේතුවෙන් සංචාරක ස්ථානවල ධාරිතාව ඉක්මවා අධික තදබදයක් වාර්තා වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
එබැවින් ජීවිත ආරක්ෂාව, පරිසරයේ ආරක්ෂාව සහ සංචාරක ස්ථානයේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් විදේශීය සංචාරකයන්ට ද බාධා නොවන අයුරින් නිවාඩු සමය ගතකරන ලෙස සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.