ටින් කළ මාලු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අනුව ශුද්ධ බර ග්රැම් 425ක් සහ දියර බර ග්රෑම් 280ක ටූනා මාලු ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක්.
ශුද්ධ බර ග්රෑම් 155ක් සහ දියර බර ග්රෑම් 105ක් වන මැකරල් ටින් මාලු එකක උපරිම සිල්ලර මිල රුපියල් 180ක් ලෙස සඳහන් කර තිබෙනවා.
මීට අමතරව ශුද්ධ බර ග්රෑම් 425 සහ දියර බර ග්රෑම් 280ක් වන මැකරල් ටින් මාලු එකක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 420ක්.
ශුද්ධ බර ග්රෑම් 425 සහ දියර බර ග්රෑම් 280ක් වන ජැක් මැකරල් ටින් මාලු එකක උපරිම සිල්ලර මිල රුපියල් 560ක් ලෙස සඳහන් වනවා.
මෙම මිල ගණන් අද (28) සිට බලාත්මක බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.