ලංකාවේ මෙවර ජාතික තෛපොංගල් සැමරුම යාපනයේ දී

Published on

මෙවර ජාතික තෛපොංගල් සැමරුම යාපනයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

උදාර සංස්කෘතික ජීවිතයක් – සහකම්පනීය ජනතාවක් බිහිකිරීමේ ජාතික ජන බලවේගයේ දැක්ම අනුව යමින් එහි කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටුකිරීමේ වගකීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට පැවරී තිබෙනවා.

එමෙන් ම ජාතික සංවර්ධනයේ සැලකිය යුතු පංගුවක් ජාතික සමගිය වඩාත් තීව්‍ර කිරීමෙන් ළඟා කරගත හැකි බව බහුතර ජනතාවගේ විශ්වාසයයි.

ඊට රුකුලක් වනු පිණිස 2025 ජාතික තෛපොංගල් සැමරුම යාපනයේ දී පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එහි ජාතික සැමරුම් උත්සවය 2025 ජනවාරි මස 18 දින යාපනය, තෙල්ලිපලේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කරමින් පවතින අතර ඊට සමගාමීව වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එම වැඩසටහන් මාලාව සංවිධාන කිරීමේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) අමාත්‍යංශයේ දී පැවත්වුණා.

ඊට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

මේ අතර හින්දු බැතිමතුන් වාර්ෂිකව සංවිධාන කරන සබරිමලේ ‘හෝලි යාත්‍රා’ චාරිකාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩි බැතිමතුන් පිරිසක් සහභාගී කරවීමටත්, ඊට රාජ්‍ය නිල භාවය ලබා ගැනීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරදෙන ලෙස ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා ඇතුළු පිරිස මෙහිදි ඉල්ලා සිටියා.

එහිදි ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Latest articles

ඊශ්‍රායල – හමාස් ගැටුම් නවතී, පලස්තීන වැසියන්ට යළි ගසා තීරය ලැබෙන ලකුණු

ඊශ්‍රාලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද ගැටුම්වලට විරාමයක් දෙමින් ප්‍රාණ ඇපකරුවන්...

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු...

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

More like this