පුරෝකථනය කළ දේ යථාර්ථයක් වී ඇති බව දැකීමෙන් සතුටට පත් වෙනවා – හරීන්

Published on

2024 සඳහා පුරෝකථනය කළ දේ යථාර්ථයක් වී ඇති බව දැකීමෙන් සතුටට පත් වන බව හිටපු සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ වසරේ 20 ලක්ෂ වැනි සංචාරකයා මෙරටට පැමීණීම සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළා.

සංචාරකයින් ශුන්‍යයකින් අපගේ ගමන ශ්‍රී ලංකාවට පැමිණෙන සීමිත ගුවන් සේවා සමඟින් ආරම්භ කර 2022 අවසන් වූ විට 709,000 පැමිණීමක් ගෙන්වා ගැනීමට සමත් වූ බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

2023 දී අපේක්ෂා කළ පරිදි සංචාරකයින් මිලියන 1.5 ක් පැමිණ අවසන්.

2024 වසරේ මිලියන 2 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වී තිබෙන බවද හිටපු අමාත්‍යවරයා පවසනවා.

2025 වසරේ ඉලක්කයන් යථාර්ථයක් බවට පත් කර ගැනීමට නව රජයට සහ ශ්‍රී ලංකා සංචාරක කාර්ය මණ්ඩලයට සුබ පතන බවයි හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් කළ X සටහනේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Latest articles

ඊශ්‍රායල – හමාස් ගැටුම් නවතී, පලස්තීන වැසියන්ට යළි ගසා තීරය ලැබෙන ලකුණු

ඊශ්‍රාලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද ගැටුම්වලට විරාමයක් දෙමින් ප්‍රාණ ඇපකරුවන්...

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු...

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

More like this