සුනාමි ව්‍යසනයට අදට (26) විසි වසරක් (20) සපිරෙනවා.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මෙරට 35,000 කට අධික පිරිසක් මිය ගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදන් වුණා.
දේපළ, පරිසරය, යටිතල පහසුකම් විනාශ ගණනය කිරීමේදී රුපියල් බිලියන ගණනක්.
එමෙන්ම සුනාමි ව්‍යසනයට ගොඳුරු වූ ජනතාවට සිදු වූ සමාජීය බලපෑම ගණන කළ නොහැකි තරම්.
2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” වශයෙන් නම්කර තිබෙනවා.
ඒ අනුව ˝ජාතික සුරක්ෂිත දිනය” යෙදී ඇති අද දින පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා රට පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙවර “ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් අද දින පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.30 දක්වා කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.
එමෙන්ස දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් “ජාතික සුරක්ෂිත දිනය” සැමරුම් උත්සව පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු සංවිධාන කර තිබෙනවා.